බෙහෙත් ඖෂධ පූජා කිරීමේ ආනිසංස..
මෙත්ත ගුත්ත හිමි සුමේධ බුදු රදුන්ට ගිතෙල් පිදූ පිනෙන් අට වරක් සක් දෙව් රජ වී ඉපදුණා.. පනස් එක්වරක් සක්විති රජකම ලැබුවා.. එසේම හැම ජීවිතයකම පාහේ අප්‍රමාණ භෝග සම්පත් ලැබුවා.. අවසානයේ ඒ පුණ්‍යානිසංසය නිවන් අවබෝධය පිණිසද හේතු උනා..
බෙහෙත් ඖෂධ පිදීම තුලින් ඔබට ලැබෙන ආනිසංස
1. දීර්ඝායුෂ ලැබේ
2. බලසම්පන්නයෙකු වේ
3. වීර්‍යයවන්තයෙකු වේ
4. වර්ණ සම්පතක් ලැබේ
5. යසස් ඇත්තෙක් වේ
6. සැප ඇත්තෙක් වේ
7. උපද්‍රව නැත්තෙක් වේ
8. අන්තරා නැත්තෙක් වේ
9. හැම කල්හි ගරු කරන ලද්දෙක් වේ
10. ප්‍රිය විප්පයෝග දුක් නොලැබේ
Comments
Post a Comment