මල් පූජා කිරීමෙන් ඔබට ලැබෙන ආනිසංස...

පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පූජා කල පිනෙන් මල්පෙති ගණනට සක්විති රජව ඉපදුනා. හත්සිය වතාවක් ප්ෘථිවි රාජ්‍ය කලා. අවසානයේ නිවන් සුව ලැබීමටද ඒ පින හේතු වූ බව ධර්මයෙහි පෙන්වා දී තිබෙනවා. අපි දැන් බලමු ඔබට මල් පූජා කිරීම තුලින් ලබාගන්න පුළුවන් ආනිසංස මොනවද කියලා..

මල් පූජාවේ ආනිසංස

1. දෙවියන් මිනිසුන් අතර ඉපදුනු විට තමන්ට සැමගේ ප්‍රියභාවය ඇතිවීම

2. තමන්ගේ වචන බොහෝ ප්‍රියභාවයෙන් අනුන් පිළිගැනීම

3. තමාගේ සිත එකඟ කරගැනීමට(සමාධිය වැඩීමට) හැකිවීම

4. අන්‍යන්ට වඩා බලගතු ප්‍රඥාව විදසුන් නුවණ ලැබීම

5. බක්කුල මහා රහතන් වහන්සේ මෙන් නොයෙක් ලෙඩරෝග වලින් වැලකී නීරෝගී ජීවිත ලැබීම

6. ප්‍රාර්ථනා පරිදි නිවන් අවබෝධ කිරීම

7. සැම කල්හිම අන් අයගේ ගෞරවයට පාත්‍ර වීම

8. සැම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිවීම

9. අධික ශීත උෂ්ණ වලින් පීඩා ඇති නොවීම

10. ඉතා රූමත් ශරීර ස්වභාවයක් ලැබීම

11. බොහෝ අගනා යාන වාහන අගනා වස්ත්‍රාභරණ ලැබීම


ඔබටත් මෙවැනි ආනිසංස රැසක් ලබාගන්න පුළුවන් මේ මල් පූජාව සිදු කිරීම තුලින්. ඔබත් අප්‍රමාදීව ශ්‍රද්ධා සිතින් යුතුව දිනපතා මල් පූජාව කරලා උපදින සෑම ආත්මභාවයකදීම මෙවැනි වටිනා අනුසස් ලබාගන්න වෙර වීර්‍යය කරන්න

Comments



  1. Evolution of CHEMICAL Mind in VERTEBRATES !
    Silicon { an element with 4 covalent bonds } just as in case of carbon , back borne of life ?
    You may have seen neonatal cubs , beginning to walk after a few moments !
    Can it be possible without a prescience or past knowledge ?
    DNA molecules do not carry mental information.
    It is noradrenaline that entails transmission in form of chemical signals , most importantly , via pineal gland other than 5 senses .
    Why Silicon { an element with 4 covalent bonds } just as in case of carbon ,
    back borne of life to make artificial "BRAINS" or digital chips ?

    Ajna Chakra, Pineal gland or Third eye , the seat of soul or MIND !

    ReplyDelete

Post a Comment

Popular posts from this blog

බෙහෙත් ඖෂධ පූජා කිරීමේ ආනිසංස..