Posts

බෙහෙත් ඖෂධ පූජා කිරීමේ ආනිසංස..

මෙත්ත ගුත්ත හිමි සුමේධ බුදු රදුන්ට ගිතෙල් පිදූ පිනෙන් අට වරක් සක් දෙව් රජ වී ඉපදුණා.. පනස් එක්වරක් සක්විති රජකම ලැබුවා.. එසේම හැම ජීවිතයකම පාහේ අප්‍රමාණ භෝග සම්පත් ලැබුවා.. අවසානයේ ඒ පුණ්‍යානිසංසය නිවන් අවබෝධය පිණිසද හේතු උනා.. බෙහෙත් ඖෂධ පිදීම තුලින් ඔබට ලැබෙන ආනිසංස 1. දීර්ඝායුෂ ලැබේ 2. බලසම්පන්නයෙකු වේ 3. වීර්‍යයවන්තයෙකු වේ 4. වර්ණ සම්පතක් ලැබේ 5. යසස් ඇත්තෙක් වේ 6. සැප ඇත්තෙක් වේ 7. උපද්‍රව නැත්තෙක් වේ 8. අන්තරා නැත්තෙක් වේ 9. හැම කල්හි ගරු කරන ලද්දෙක් වේ 10. ප්‍රිය විප්පයෝග දුක් නොලැබේ

මල් පූජා කිරීමෙන් ඔබට ලැබෙන ආනිසංස...

Image
පදුම හිමි පෙර ජීවිතයකදී පදුමුත්තර බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයට එක් පියුමක් ගෙන පූජා කල පිනෙන් මල්පෙති ගණනට සක්විති රජව ඉපදුනා. හත්සිය වතාවක් ප්ෘථිවි රාජ්‍ය කලා. අවසානයේ නිවන් සුව ලැබීමටද ඒ පින හේතු වූ බව ධර්මයෙහි පෙන්වා දී තිබෙනවා.  අපි දැන් බලමු ඔබට මල් පූජා කිරීම තුලින් ලබාගන්න පුළුවන් ආනිසංස මොනවද කියලා.. මල් පූජාවේ ආනිසංස 1.   දෙවියන් මිනිසුන් අතර ඉපදුනු විට තමන්ට සැමගේ ප්‍රියභාවය ඇතිවීම 2. තමන්ගේ වචන බොහෝ ප්‍රියභාවයෙන් අනුන් පිළිගැනීම 3. තමාගේ සිත එකඟ කරගැනීමට(සමාධිය වැඩීමට) හැකිවීම 4. අන්‍යන්ට වඩා බලගතු ප්‍රඥාව විදසුන් නුවණ ලැබීම 5. බක්කුල මහා රහතන් වහන්සේ මෙන් නොයෙක් ලෙඩරෝග වලින් වැලකී නීරෝගී ජීවිත ලැබීම 6. ප්‍රාර්ථනා පරිදි නිවන් අවබෝධ කිරීම 7. සැම කල්හිම අන් අයගේ ගෞරවයට පාත්‍ර වීම 8. සැම කල්හිම බොහෝ පිරිවර ජනයා ඇතිවීම 9. අධික ශීත උෂ්ණ වලින් පීඩා ඇති නොවීම 10. ඉතා රූමත් ශරීර ස්වභාවයක් ලැබීම 11. බොහෝ අගනා යාන වාහන අගනා වස්ත්‍රාභරණ ලැබීම ඔබටත් මෙවැනි ආනිසංස රැසක් ලබාගන්න පුළුවන් මේ මල් පූජාව සිදු කිරීම තුලින්. ඔබත් අප්‍රමාදීව ශ්‍රද්ධා සිතින් යුතුව දිනපතා ම...